තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 29 දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණද එය ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීම හේතුවෙන් එම විශේෂ අභියාචන පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම අභියාචන පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්මවරුන් ඉදිරියේ කැඳවිණි.
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත් ,එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් ඇත.
2013 අපේ‍්‍රල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි. තවද මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිව ද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.