වාස් ගුණවර්ධනයි පුතයි යළි රිමාන්ඩ්


බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික  මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා  දිමුතු ශ්‍රී මාල් හෙට්ටිආරච්චි ලබන 27 වැනිදා තෙක්  රිමාන්ඩ් කරන්නැයි කොළඹ  අතිරේක මහෙස්ත්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා නියෝග කළේය.

රහස් පොලීසිය අධිකරණයට  දැන්වුයේ  තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බවයි.