බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයේ වැරදිකරුවූ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද (8) වෙනත් නඩුවක් වෙනුවෙන් අලුත්කඩේ උසාවියට ගෙන එනු ලැබීය.
රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතා ද අධිකරණයට පැමිණ සිටියේය.
සියාම් ඝාතන නඩුවේ පරීක්ෂණ කරද්දී වාස් ගුණවර්ධන තමාට මරණීය තර්ජන කළැයි ශානි අබේසේකර මහතා ගේ පැමිණිල්ලක් අනුව නඩුවක් ද ගොනු කර තිබිණි.





