1981 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ වාස් ගුණවර්ධන මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.
2013 මාර්තු 14 වැනි දා ඔහු ගම්පහ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.
2013 ජූනි මාසයේ දී ගුණවර්ධන මහතා අත්අඩංගුවට පත් විය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි.

