වාස් ගුණවර්ධන වෙන නඩුවකට යළි රිමාන්ඩ්


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසියේ සහකාර අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන  නීතීපති උපදෙස් පතා ඇතැයි  පොලිස් විශේෂ අංශයේ ස්ථානයේ ස්ථානාධීපති සී ඩබ්ලිව් වික්‍රම සිංහ මහතා අද (26) අධිකරණයට දැන්වීය.

ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී  හිටපු නියෝජ්‍ය පොලිස්පති තර්ජනය කළැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ  මේ පැමිණිල්ල ඉදිරිපත් කැර ඇත.

වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ සාක්කි නැතුව මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තම සේවා  දායකයා අත්අඩංගුවට ගෙන දැන් නඩු පටලවා සාක්කි සොයන බවයි.

 පොලීසිය එවැනි දේ නොකරන බව  පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා පැවසීය.

ලබන සැප්තැම්බර් 4 වැනිදා තෙක්  වාස් ගුණවර්ධන රිමාන්ඩ් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.