වාස් ඇතුළු පිරිසට ඇප දෙනවාද නැද්ද : තීරණය අඟහරුවාදා


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා (16) තීරණයක් දෙන බව ලලිත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අද (15) ප්‍රකාශ කළේය.

විනිසුරු මඩුල්ලේ සරෝජිනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා සෙසු සාමාජිකයෝ වෙති.

ව්‍යාපාරික සියාම් ඝාතනයට සැකපිට වාස් ගුණවර්ධන ඇතුළු පිරිස අවුරුදු දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම හේතුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියහ.