වාස් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්


මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවන් උසාවි අවවාද නොතකා සාක්කිකරුවනට බලපෑම් කර ඇතැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානී අබේසේකර ශානි අබේසකර මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට වාර්තාවක් මගීන් කරුණු දැක්වීය.

සැකකාර වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතාගේ නෑයන් හා මිතුරන් විසින් දෙන ලදැයි කියන දුරකතන ඇමතුම් ගැන එහි සඳහන් වේ.

අබේසේකර මහතා පැවසුවේ අඩුගණනේ සාක්කිකරුවන් පස් දෙනකුටවත් එලෙස බලපෑම් කර ඇති බවයි.

උපදෙස් ලබා ගැනීම සඳහා මෙම තොරතුරු නීතිපතිට ද ඉදිරිපත් කර ඇතැයි ඔහු කීවේය.

සැකකරුවෝ යළි නොවැම්බර 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.