වාසනාව කොල්ලකරුවන්ට අතපායි


පිළියන්දල මණ්ඩාවල දී ව්‍යාපාරිකයකු බැංකුවෙන් මාරු කර ගත් රුපියල් හාර ලක්ෂ හැට දහසක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනකු ගමන් කළ යතුරු පැදිය පාරේ පෙරළී අනතුරට පත්වීමෙන් පසුව ද ඔවුහු බේරී පැන ගියහ.

ව්‍යාපාරිකයා බැංකුවෙන් මුදල් ගෙන යතුරු පැදියෙන් එද්දී මේ කොල්ලය සිදුවී ඇත.

අවියකින් පහර දී මුදල් පැහැරගෙන යතුරු පැදියෙන් යද්දී පාර කාපට් කරන තැනකදී ඔවුන් දෙදෙනා සමග යතුරු පැදිය බිම ඇද වැටුණු බවත්, එහි සිටි සේවකයෝ පැමිණ ඔවුන් නැගිටුවා ඇති බවත්, එලෙස නැගිටි කොල්ලකරුවන් පළා ගිය බවත් පොලිසිය කියයි.

සේවකයන් ඔවුනට උදව් කර ඇත්තේ හොරුන් බව නොදැනය.