බදුල්ල-කන්දකැටිය, වාසනාගම කිරවනාඋල්පත රක්ෂිතයේ ගින්නකින් අක්කර තිහක පමණ කැළෑවක් ද, අක්කර හතරක පමණ ගම්මිරිස් වගාවක්ද විනාශ වී ඇතැයි වන නිලධරයෝ කියති.
මේ අතර ක්වින්ස්ටවුන් වත්තේ රක්ෂිත කැලෑවක් ගිනි තබමින් සිටි ඒ ගනනාදන් (62) බදුල්ල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.