
(නිමල් ජයරත්න)
මඩකලපුව වාලච්චේන කරුවන්තේනි හංදියේ පිහිටි පෞද්ගලික යතුරු පැදි, හා පාපැදි රථ ගාලකට අද සවස හතරට පමණ ඇති වු ගින්නකින් එම යතුරුපැදි හා පාපැදි ගාල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් යතුරුපැදි ගාලේ ගාල් කර තිබූ යතුරුපැදි තිහක් හා පාපැදි හතක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව වාලච්චේන පොලිසිය පවසයි.
පාළුවට ගිය ඉඩමක මෙම රථ ගාල පුද්ගලයකු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අසල ඇති වූ ගින්නක් පැතිර යාම නිසා මෙම යතුරු පැදි ගාලට ගිනිගන්නට ඇති බවට විශ්වාස කරන බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
පුද්ගලික ඉඩමට කිසියම් පුද්ගලයකු ගිනි තැබීම හේතුවෙන් එම යතුරුපැදි සහ පාපැදි රථ ගාල විනාශ වී ඇති බවට මේ වන විට අනාවරණය කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි,
පුද්ගලිකව රථ ගාල පවත්වාගෙන ගිය පුදුකුඩිඉරිප්පු වාලච්චේනේ ප්‍රදේශයේ අයකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

