වාරියපොළ හිමි ගුණ සැමරේ


1815 මාර්තු 02 වැනි දා, ඉංග‍්‍රීසි කොඩිය බිම දමා නැවත සිංහ කොඩිය එසවීමේ වීර ක‍්‍රියාවට වසර 198 ක් සපීරීම සිහිකරමින් වාරියපොල  පිහිටි සුමංගල මාහිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීම අද (2) උදෑසන සිදුකැරිණි. අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්ව විද්‍යාලයේ උපකුලපති තුඹුල්ලේ ශ‍්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක නායක නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ගිහිපැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.