වාරියපොළ පොලිස් ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමතින් සිටි බවට ලද තොරතුරක් අනුව එහි ගිය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරීන් දෙදෙනකු පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සනාථවී ඇතැයි ද වාරියපොළ පොලිස් ස්ථානාධිපතිට එරෙහිව අද විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද වාර්තාවේ.
ඔහුගේ තනතුරේ රාජකාරී ආවරණය සඳහා වෙනත් නිලධාරියකු යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

