වාරියපොළ බස් නැවතුම් පොළේ දී පොල් කඩන්නකුට පහර දුන්නැයි කියන තිලිණි අමල්කා (22) රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය අද (27) සවස නියෝග කළේය.
ඔහු තමාට නොහොබිනා ලෙස කතා කළ නිසා පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා මෙනෙවිය නීතීඥවරයකු සමඟ අද (27) වාරියපොළ පොලීසියට පැමිණියාය.
තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා ඔහුට පහර දුන් බව ඇය පොලීසියට කියා ඇත.
ඇය එම පුද්ගලයාට පහර දෙන වීඩීයෝවක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළ විමත් සමඟ මේ සිද්ධිය ලොව පුරාද පැතිර ගියේය.
තමා බස් නැවතුම්පොළේ සිටියදී සිදු වු දේ එහි සිටි සිය ගණනක් දුටු නමුත් කිසිවකුත් තම සහායට නොපැමිණි බව ඇය කියන්නීය.
‘මිනිසුන් ඔහේ බලාගෙන හිටියා.කිසිම මාධ්‍යකින් මට සාධාරණය ඉෂ්ට වුණේ නෑ. කාන්තාවක් දුෂණය කිරීමක් වුවත් වීඩියෝගත කිරීමට නම් මිනිසුන් ඉන්නවා .මගේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදිරිපත් වීම වැරැදිදැ‘යි ඇය අසන්නීය.


