සාදයකට සහභාගී වූ පිරිසක් හා පොලිසිය අතර ඇති වූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණ පරීක්ෂණය වාර්තා කරමින් සිටිය දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගත් පොලිස් සැරයන්ට හා සෙසු පොලිස් පිරිසට එරෙහිව අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා කර්තෘ සංසදය නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහතාට ලියා දන්වයි.
සංසදයේ සභාපති සිරි රණසිංහ මහතා කියනුයේ පොලිසිය මාධ්‍ය නිදහස හා රජයේ මාධ්‍ය පිළිවෙත සිඳ බිඳ දමමින් නීති විරෝධී ලෙස ක්‍රියාකර ඇති බවයි.
ඔහුගේ ලිපියේ පිටපත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ද යවා ඇත.
එම සිද්ධිය හෙළා දකිමින් කර්තෘ සංසදය නිකුත් කළ නිවේදනයක් ද එම දෙදෙනාටම යවා තිබේ.

