නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නවය වසරේ සිසුවකුගේ කනට පහර දුන්නැයි කියන ගුරුවරයකු රිමාන්ඩ් කිරීමෙන් පසුව විදුහලේ ගුරුවරු 111 දෙනෙක් අද වැඩ වැරූහ.
වාර විභාගය ද පවතිද්දී මේ තත්ත්වය උදා වූ බවත්, අංශ භාර ගුරුවරුන් 11 දෙනකු පමණක් පැමිණි බවත් විදුහල් ආරංචි කියයි.

