වායුගෝලය කැලඹේ


වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එම බලපෑමෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ.

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  ඇතිවීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 18/12/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

29

24

95

80

විටින් විට වැසි.

මඩකලපුව

28

24

95

80

විටින් විට වැසි.

කොළඹ

30

25

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

90

80

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

යාපනය

29

25

90

75

විටින් විට වැසි.

මහනුවර

29

21

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

12

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

24

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

28

24

95

80

විටින් විට වැසි.

මන්නාරම

29

25

85

70

විටින් විට වැසි .


මධ්‍යාන 12.10

වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එම බලපෑමෙන් දිවයිනේ උතුරු උතුරුමැද නැගෙනහිර දකුණ සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ.

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  ඇතිවීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය විටෙක තාවකාලිකව පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තද රළු විය හැකි  අතර අනෙක්  මුහුදු ප්‍රදේශ ද විටෙක තරමක් රළු විය හැක.

පෙරවරු 11. 30

තද වැසි, තද සුළං සහ  මුහුදු රළු වීම පිළිබඳ  කාලගුණ නිවේදනය.

ඉදිරි පැය 24 සඳහා 2014 දෙසැම්බර්  මස 17 වන දින  උදෑසන 1130 නිකුත් කරන ලදී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)

 

වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.

එම බලපෑමෙන් දිවයිනේ උතුරු උතුරුමැද නැගෙනහිර  සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ.

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  ඇතිවීමට ඉඩ ඇත.

මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.

මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක තාවකාලිකව පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක රළු විය හැක.

 

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).