වායු සමනයටත් නියාමනයක්


වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තබාගැනීම සඳහා නුදුරේදීම චක්‍රලේඛයක් ගෙන ඒමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැරණියගල දී පැවසීය.
‘මේ වනවිට අපි දරුණු නියගයකට මුහුණදීලා තිබෙන්නේ. ජනතාවට අඛණ්ඩව විදුලිය සපයන එක අපට ලොකු අභියෝගයක්. අපි ජනතාවගේ පැත්තෙන්  ඉල්ලන්නේ මෙගාවොට් 25 ක් ඉතිරි කරගන්න කියලා. කාලගුණ දෙපාර්තමේන්තුවත් කියනවා තවත් මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා.  අපි ළග මේ වනවිට ජලය තිබෙන්නේ 36% ප්‍රමාණයක් විතරයි.  ඒ අනුව විදුලිය නිපදවීම  සදහා ඩීසල් ගල් අගුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් ඒ සදහා යන වියදම ජනතාව පිට පටවන්නත් අපිට බැහැ‘යැයි ද ඇමැතිවරයා කීවේය.