වායු රයිෆලයක් ගෙන ගිය කුවෙට් ජාතිකයා ගුවන්තොටෙන් අල්ලයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වායු රයිෆලයක් ගමන් බෑගය තුළ සඟවාගෙන කුවේට් රාජ්‍යය  බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු කිසියම්  ආබාධ තත්ත්වයක පසුවන නිසා රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරන අයෙක් බව  ගුවන් තොටුපලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ul229 දරණ ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යය  බලා යාමට පැමිණ ඇත .

ස්කෑන් යන්ත්‍ර  පරීක්ෂාවේ දී ඔහුගේ ගමන්මල්ලේ සඟවා තිබූ වායු රයිෆලය හොයා ගැනීමට  ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන්  සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වායු රයිෆලය  ද සමග වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපල පොලිස් ස්ථානය වෙත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

සැකකරු මෙම වායු රයිෆලය මහනුවර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකින් මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වායු රයිෆලයක් වූයෙන් වුයේත් රජයට රැගෙන යෑමට උත්සහ කලේ කුමන අරමුණකින් ද යන්න ගැන සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.