ඉහළ වායුගෝලයේ යළි ඇතිවූ කැළඹීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් වලට ද නිරිත දිග වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදේ ද තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා කියයි. ඇතැම් ප්‍රදේශවලට තද සුළං සහ දැඩි අකුණු අවධානමක් ද ඇතිවිය හැකි බැවින් අවධානයනේ පසුවන ලෙස ද ඔහු කියයි.
මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් බේරුවල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ඇති අයුරු