වාට්ටුවට පැන පිහියෙන් අනී


යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකුගේ පිහි පහරකට ලක්ව අකුරැස්ස රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන විවාහකයෙක් අද යළිත් පිහි පහරට ලක් විය.

ඔහුට පිහියෙන් ඇන්නේයැයි සැකපිට එම සෙබළාම අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහුගේ සාක්කුවේ තිබී පිහියක් සහ වස බෝතලයක් ද සොයා ගත් බව පොලීසිය කියයි.