ව්‍යාපාරිකයාත් සුපිරි මඟේ සුළු දිය දාලා


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී වෑන්රියක් නවත්වා මුත‍්‍රා කළ ව්‍යාපාරිකයෙක් ඔහුගේ පුතා හා තවත් යෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගනිද්දී ඔවුන් ළඟ වූ රුපියල් 2800 ක් ගණන් කැර බාරගත් නමුත් පසුව ව්‍යාපාරිකයා පැමිණිල්ලක් කරමින් තමාගේ රුපියල් 5000 ක් පොලිසියෙන් ගත්තැයි කියා  ඇත.
මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. මේ ව්‍යාපාරිකයා පැලවත්තේ අයෙකි. පාරේ වාහන නතර කිරීම හා මුත‍්‍රා කිරීම යන චෝදනා යටතේ ඔවුනට නඩු පැවරීමට යයි.