ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාට හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව ප්‍රභල හා තීරණාත්මක සාක්කියක් ලබා දුන් ව්‍යාපාරිකයා එම සිද්ධිය ගැන ඒ මොහොතේම 119 සහ 118 අංකවලට දුරකතන ඇමතුම් ලබා දුන් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.
එම ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 119 සහ 118 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් කළ විමසීමක දී ඒ බව ඔවුන් තහවුරු කළ බව පොලිස් ආරංචි කියයි.
සාදයේ ගැටුමෙන් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියාට පහර දුන් හා ඉහළ මාලයෙන් ඉල්ලු කළ බව කියන උසස් පොලිස් නිලධාරියකුගේ නමක් ද, එම ප්‍රකාශ තහවුරු කර ගත හැකි නිලධාරීන් පිරිසකගේ නම් ද ඔහු පොලිසියට ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය ගිය එක්දරු පියා වැටී සිටි තැනට පොලිසිය සමග තමා ද ගිය බවත්, ඔහු රෝහලට ගෙන යෑමට තමාට ද කතා කළ බවත්, එතැන සීසීටීවී ගසා ඇති හෙයින් තමාට ඉවත් වන ලෙස උසස් පොලිස් නිලධාරියකු පැවසූ බවත් ඔහු පොලිසියට කියා තිබේ.
ඔහු එතැනින් ඉවත්ව ගිය පසු කොළඹ ප්‍රදේශයේ අංකයකින් දුරකතන ඇමතුමක් ලැබී අති බව ද, විශේෂ පොලිස් කණ්ඩායමක් එවන බව එම පණිවුඩයෙන් කියැවුණු බව ද ව්‍යාපාරිකයා පැවසීයයි පොලිස් ආරංචි පවසයි.
ඇඹිලිපිටි ගැටුම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගත හැකි සාක්කි ලැබී ඇතැයි පොලිස් ආරංචි තහවුරු කරයි.
ඇඹිලිපිටි ගැටුමට පොලිසිය වග කිව යුතු බවට තහවුරු කළ හැකි සාක්කි රැසක් ඇඹිලිපිටියේ විමර්ශන කණ්ඩායම් සොයා ගෙන තිබිය දී ඉදිරි විමර්ශන රහස් පොලිසියට බාර දීම ගැන පොලිසියේ උසස් නිලධාරීහු රැසක් විරෝධය පළ කරති.
පොලිසිය අලුතින් සොයා ගත් තීරණාත්මක සාක්කිකරුගේ සාක්කිය මරණ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමේ වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ඇත්දැයි සැක සහිත බව ද පොලිසියේම පිරිසක් කියති. වැරදිකළවුන් බේරීමට හදන යන ගැන තොරතුරු ඉදිරියේ දී මාධ්‍ය මගින් හෙළි කරන බව ද ඔවුහු පවසති.
පොලිස් මූලස්ථානය කියනුයේ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. පොලිස් පරීක්ෂණ නිසි ලෙස කරගෙන යන බවත්, කිසිවකුට බලපෑමක් නොකරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

