එප්පාවල ව්‍යාපාරිකයකු කැකිරාව හිරිපිටියාගම ඇඟළුම් කම්හල් සේවිකාවක වන එක්දරු මවක පැහැරගෙන යමින් සිටි ජිප්රිය අල්ලාගත නොහැකිවූ නමුත් ඔවුන්ගේ සහයට ආ වෑන් රියක් හරිපිටියාගමදී අල්ලාගත් පිරිසක් එහි සිටි සිවුදෙනකුට පහරදී ඇතැයිද ආබාධිත සෙබලකුද ඒ අතර සිටින බවද කියති.
ඒ සිද්ධිය සැලවීමත් සමග ව්‍යාපාරිකයා ඇඟළුම් සේවිකාවද සමග පොලිසියට පැමිණ බාරවිය. වෑන් රියද එහි සිටි පිරිසද පොලිස් අත්අඩංගුවටගත් අතර තුවාලකරුවන්ගෙන් දෙදෙනෙක් අනුරාධපුර රෝහලට මාරුකර යවනු ලැබූහ.