කිලිනොච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පෙරේදා(12) උදෑසන සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.
මෙලෙස අතුරුදහන්වී ඇත්තේ යාපනය ඉඩේකුඩිරිප්පු, කොඩිකාම් යාපනය පදිංචි ක්‍රිෂ්ණසාමි රදීපන්(35) බව පොලිසිය සඳහන් කරයි.
අතුරුදන්වූ ව්‍යාපාරිකයා කිලිනොච්චිය නගරයේ බිස්කට් අලෙවි නියෝජිතවරයකු හා මුද්‍රණාල හිමිරුවකු ලෙස ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන අතර පෙරේදා(12) උදෑසන ඔහු යතුරු පැදියෙන් ව්‍යාපාරික ස්ථාන වෙත නිවසින් පැමිණ ඇති බවත් පසුව ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නැති බවත් ඔහුගේ බිරිඳ වන රදීපන් ශර්මිලා විසින් පැමිණිලි කොට ඇත.