වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ රාගම බටුවත්ත දුම්රිය පොළ අසල දුම්රිය හරස් මාර්ගයේ දී කැබ් රථයක් ගැටීමෙන් පියා පුතුන් දෙදෙනා හා එක් දියණියක එම ස්ථානයේ දීම මරණයට පත්ව, මව සහ බාල දියණිය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මීගමුව මහ හුණපිටියේ ව්‍යාපාරික රාජ් කුලතුංග ධර්මසිරි (43) (පියා), රාජ්කුලතුංග හර්ෂ තරිඳු (19) (පුතා) , රාජ් කුලතුංග ලහිරු සාලිංග (14) (පුතා) සහ රාජ්කුලතුංග අංජලී ප්‍රබුද්ධි (21) (දියණිය) මිය ගිය බව පොලිසිය කියයි.
වෙල්ගම ආචාරිලාගේ තුෂාරිකා සිල්වා (35) (මව) සහ රාජ් කුලතුංග තරුෂි මධුෂාණි (12) (දියණිය) තුවාල ලදහ.

