ෆේස්බුක් හරහා පුද්ගලයන් හඳුනාගෙන මුදල් වංචා කළැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් 10 දෙනකු මාර්තු දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මාලබේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වංචා කිරීමේ චෝදනාව යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේය.
ඔවුන් ව්‍යාපාරිකයන්ගෙන් වංචා කර ඇති මුදල රුපියල් කෝටි දෙකකට අධික බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

