ව්‍යාපාරික පුතා සේරුනුවරින් සොයාගනී


වාකරේදී පැහැරගත් තරුණයා සේරුනුවර දෙහිවත්තේදී අද සවස හයයි තිහට පමණ නිරුපද්ද්‍රිතව සොයාගත් බව පොලීසිය කියයි. කප්පම් කරුවන් හා ව්‍යාපාරිකයා අතර හුවමාරුවූ දුරකථන පණිවිඩ ඔස්සේ පරීක්ෂණ පවත්වා කප්පම් කරුවන් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. මේ තරුණයා පැහැරගෙන ඇත්තේ පසුගිය 28 වැනිදාය.