ව්‍යාපාරික නිවෙසට වෙඩි තැබූ තිදෙනෙක් මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ ප්‍රදේශයේ පිහිටි සමූහ ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ඉකුත් 22 වෙනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින තිදෙනකු ටී-56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සහ  මැගසින් දෙකක් සමග කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද 1වැනි දාදිනයේ ට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් අයකු පෞද්ගලික ආරක්ෂක සේවාවක සේවය කරන ආරක්ෂක නිලධාරියෙකි .

අඩංගුවට ගත් තිදෙනා කිරිඳිවැල සහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.