ව්‍යාජ වීසා භාවිතා කරමින් මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා යාමට පැමිණි බංගලිදේශ ජාතිකයන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම තිදෙනා පසුගිය හය වෙනිදා මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 402 දරණ ගුවන් යානයෙන් බංගලිදේශයේ දකා නුවර සිට මෙරටට පැමිණ ඇති අතර යළි අද දහවල් 11.00 ට පමණ එයාර් ඒසියා ගුවන්සේවයට අයත් ජී.ටී 183 දරණ ගුවන් යානයෙන් මැලේෂියාවේ ක්වාලාම්පුර් නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

