ව්‍යාජ ලිපිය නුදුන්නාට ස්ථාන මාරුවක්


පළාත් දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් ඉදි කරන ලද තාප්පයක් සඳහා ව්‍යාජ ලිපියක්  දීම ප්‍රතික්ෂේප කළ බව කියන කඩවත මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පතිනියට ස්ථාන මාරුවක් දී   ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ක්‍රීඩා අමාත්‍යංශයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය හරහා ලැබුණු ආධාරයක් මත පිටස්තරයන් පිරිසකට කොන්ත්‍රාත් ලබා දී මෙම තාප්පය ඉදි කර තිබේ.