(පාලිත ආරියවංශ)
නිධානයකින් ගත් රන් කැබලි හා මැණික් බව කියමින් ව්‍යාජ රන් හා ව්‍යාජ මැණික් ගල් විකුණා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ වැටලීම් ඒකකය පවසයි .
ඔවුන් සතුව තිබී රන් කැබලි ලෙස සකස් කළ රන් පැහැති ලෝහ කැබලි කිලෝ 3ක්,ව්‍යාජ මැණික් ගල් දෙකක් හා ජාවාරම සදහා උපයෝගි කරගත් ජංගම දුරකතන 2ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
සැකකරුවන් ධනවත් ව්‍යාපාරිකයන්ට නියම රන් කුට්ටියකින් කැබැල්ලක් පරීක්ෂා කිරීමට ලබා දී පසුව ව්‍යාජ රන් හා ව්‍යාජ මැණික් ගල් දි මුදල් රැගෙන පලායන බව පොලිසියට තොරතුරු ලැබී ඇත.
නිධානයෙන් ගත් රන් කැබලි හා මැණික් ගල් දෙකක් රුපියල් ලක්ෂ 60 කට ලබාදිය හැකි බව සැකකරුවන් පවසා ඇත.


