ව්‍යාජ නෝට්ටු සමඟ දෙකක් අත්අඩංගුවට


.

( ටී.කේ.ජී.කපිල )

ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමගින් සැකකරුවන් දෙදෙනෙකු  අද(15 ) කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ .

 මොවුන් අතරින් එක් අයෙකු 38 හැවිරිදි කොළඹ , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි  කාන්තාවක් වන අතර  අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි .

මෙම තරුණයා කටුනායක කෝවින්න ප්‍රදේශයේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ වෙළෙඳ සැළක් පවත්වා ගෙන යන අතර , මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේම තාවකාලිකව නේනේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටිති .

මෙම කාන්තාව අද කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන , මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී ඇති අතර , එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .

 ඒ අනුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව , මෙම ජංගම දුරකථන අලුත්වැඩියාකරු ද අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .