ව්‍යාජ 5000 නෝට්ටු 57ක් සමග දෙදෙනකු අල්ලයි


ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කර එම මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන දෙදෙනකු කළුතර උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 57ක්, ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් හා ස්කෑනර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.