ව්‍යාජ නෝට්ටු සමඟ යුවළක් අල්ලයි


(අජිත්ලාල් ශාන්ත උදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල්  නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක්  කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය .

සැකකාර යුවළ අනුරාධපුර පදිංචිකරුවෝ වන අතර , රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව සැකකාර යුවළ අත් අඩංගුවට ගත්තේය .

ඔවුන්  සන්තකයේ රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් ද තිබී පොලිසිය භාරයට ගෙන ඇත .