
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ ඇති කාරණයක් ඉංග්‍රීසි පරිවර්තනයේ (83 B) වැරදි ආකාරයට සටහන්වී ඇති හෙයින් ජනාධිපතිවරයා වහා දැනුවත් කර එම වරද නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත.
මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දෙනු ලැබ ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනයේ ජනාධිපති ධූරයේ කාලය අඩු කිරීමටත් වැඩි කිරීමටත් ජන මත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ එය සඳහන් වන්නේ කාලය වැඩි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව යනුවෙන් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ප්‍රකාශ කළේය.

