(සුජිත් හේවාජුලිගේ සහ දිලිනි උදේශිකා)
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ නිවැරදි කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති හෙයින් එම ඉංග්‍රීසි පරිවර්තනය අධිකරණමය කටයුතුවලදී යොදා ගැනීම වැළැක්වීමට තම නීතිඥවරුන්ට වහාම උපදෙස් දෙන්නැයි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඊයේ (20) ලිඛිතව ඉල්ලීමක් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ පවතින හෙයින්එම දෝෂ සහිත ව්‍යවස්ථාව නීතිඥවරුන් හෝ වෙනත් තැනැත්තන් අධිකරණ කටයුතුවලදී හෝ වෙනත් කටයුතුවලදී යොදා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයිද ඔහු සඳහන් කළේය.
තමාගේ මෙම සාධාරණ යුක්ති සහගත ඉල්ලීම අනුව නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන බවද උණවටුන පැවැසීය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති දෝෂය පෙන්වා දීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා එම වරද වහා නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති දෝෂය එලෙස දිගටම පැවතියහොත් විවිධ අධිකරණමය කටයුතු වලදී යම් යම් පාර්ශවවලට අගතියක් ඇතිවිය හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති දෝෂය නිවැරදි කිරීමට අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනයේ ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාලය අඩු කිරීමටත් වැඩි කිරීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ එය සඳහන් වන්නේ එම කාලය වැඩි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව යනුවෙන් යැයි නීතිවේදීහු පෙන්වා දෙති.

