ව්‍යවස්ථාව වෙනස් නොකළොත් හෙළ උරුමයෙන් පොදු අපේක්ෂකයෙක්


ජාතික හෙළ උරුමයේ 11 වැනි සංවත්සරය අද මහරගම දී පැවැත්වුණු අතර ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් නොකළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී තුන්වන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේදී හෙළ උරුමයේ සහාය දෙනුයේ කාටදැයි මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියෝ කීහ.

මෙහිදී කරුණු හතකින් යුත් යෝජනාවලියක් සම්මත කර ගැනුණු අතර රාජ්‍ය පාලනය, සංස්කෘතිය, බෞද්ධ සිංහල උරුමය ආදී කරුණු එමඟින් ඉස්මතු කර තිබුණි. සංවත්සර සැමරුම වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.

_DSC0005 _DSC0025 _DSC0032 _DSC0048 _DSC0071 _DSC0097 _DSC0102 _DSC0114 _DSC0118 He