මුදිතා දයානන්ද
ලංකා ඉතිහාසයේ පළමු වතාවට විධායක ජනාධිපතිවරයෙක් ගත් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කිරිමෙන් යළි යළිත් තහවුරු කර තිබෙනවා රටක ව්‍යවස්ථාව කාටවත් ඕන ඕන හැටියට කෙළිබඩුවක් කරගන්න බැහැ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (14) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් මෙසේ ද පැවසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති තමන්ට කැමති විදිහට ආණ්ඩුවක් පත්කරලා ඒ ගැන කතා කරන්න තිබෙන ප‍්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුව වහලා දාලා කුමන්ත‍්‍රණයක් කළ අවස්ථාවේ සිටම මේක අපි අනිවාර්යයෙන්ම පරද්දනවා කියලා කිව්වා. ඒ වගේම අපි ඒක දැන් පැරැද්දුවා. එය සනිටුහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව ඊයේ ප‍්‍රකාශයට පත්වුණා. එය එජාපයේ හෝ රනිල් වික‍්‍රමසිංහගේ හෝ ජයග‍්‍රහණයක් නෙවෙයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයක්. ඒ ජයග‍්‍රහණය ලැබුණේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසයි.
තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් සත්පුද්ගල විනිසුරු මඩුල්ල පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව නිසා ජනතාවගේ ඡන්ද අයිතිය ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය කර ඇති බවයි.
ජනතාව ඡන්දයෙන් පත්කළ පාර්ලිමේන්තුවක නියෝජිතයින් එක් පුද්ගලයකුගේ තනි උවමනාව මත නියමිත කාලයට පෙර ඉවත් කරන්න බැරි බවයි. ඒ වගේම 12 (1) වගන්තියෙන් සෑම පුද්ගලයකුටම සමානව සැළකිය යුතු බව කියනවා. කිසියම් පුද්ගලයකුට තවත් අයකුගේ අයිතීන් අත්තනෝමතික ලෙස උල්ලංඝණය කරන්න බැරි බව මේ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


