ව්‍යවස්ථා කමිටුව පුත්තලමටත් යයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික්  මහජන අදහස් ලබා ගැනීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රිකකයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් ජනතා නායකයින් රැසක් පැමිණ සිටියහ.

මෙම අවස්ථාවට එක්වු පුත්තලම දිස්ත්‍රික් විද්වත් මණ්ඩලයේ නිමල් වර්ණකුලසූරිය මහතා ද ඒ අතර විය.

නීතිඥ කාන්ති රණසිංහ, විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ආචාර්ය හිරුනි අමරසිංහ , රුහුණු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් අබේරත්න යන මහත්වරු අදහස් ලබාගැනීමේ කමිටුවට එක්වී සිටියහ.  

web_costi_20162173 web_costi_201621732