කැලිපෝර්නියාවේ ශාන්ත බර්නඩෙත් නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ ඩබල් කැබ් රියකට ගොඩවී සිටි නළු වළසෙකු පොලිසිය වන සත්ව නිලධාරීන් විසින් අල්ලා නැවතත් වනයටම රැගෙන ගියහ.
ඩබල් කැබ් රියේ අගුලූ නොදමා දොරවල් වසා තිබූ බවත් වළසා දොර ඇරගෙන වාහනයට ගොස් දොර වසාගන ඇති බව පෙනී යන බවත් වාහනයේ අයිතිකරු නෙල්සන් පවසයි.
වළසා ඉදිරිපස අසුනට විත් දෑතින් සුක්කානම අල්ලා උගේ හොබ්ඛෙන් වාහනයේ නලාව ශබ්ද කර තිබේ.
වාහනයේ ආසනවල කුෂන් සහ දෙපස ආවරණය කළ කවර ආදී සියල්ලම වලසා ඉරා දමා දැඩි හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි.
වාහනය නවතා තිබූ නිවාස සංකීර්ණයට පිටුපස වනාන්තරයක් තිඛෙන බවත් වළසා පැමිණෙන්නට ඇත්තේ ආහාර සොයාගෙන විය හැකි බවත් පොලිසිය පවසයි.