ඓතිහාසික රුහුණු සෝමාවතීයට නුදුරින් පිහිටි කුම්බනාච්චිය පුරා විද්‍යා භුමියේ නිදන් හාරමින් සිටි හතරදෙනකු අද (13) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉපැරණි ගල් කණු ආදීය විසිරි පවතින මෙම ඉපැරණි බිමෙහි වලගම්බා රජු විසින් කරවන ලද විහාර ආරාම සංකිර්ණයක් තිබු බවට පුරා විද්‍යා මතයක් තිබේ.
නිදන්හාරන්නවුන් අඩි විස්සක් පමණ ගැඹුර විශාල වලක් හාරා ඉපැරණි ගල් ආදීය ගොඩ දමා තිබු බව කියති.
නිදන්හැරීම සඳහා උපයෝගී කැර ගත් බව කියන උදලු අලවංගු වතුර මෝටරයක් ජලනළ ආදීයද මෙහි තිබී හමු වී ඇත.
අත්අඩංගුවට පත් හතරදෙනාගෙන් තිදෙනකු වල කපද්දී, කට්ටඩියා බව කියැවෙන පුද්ගලයා මල් පහන් පුජා වට්ටි ආදීය තබා ගනිමින් මන්තර ජපකරමින් සිටි බවද පොලීසිය පවසයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝශප් සහකාර පොලිස් අධිකාරි (1) ඔෂාන් හේවාවිතාරණ මහත්වරු වැටලීම මෙහෙය වුහ.