සහල් හිඟයක් ඇති වු 2014 වසරේ අග භාගයේදී කැබිනට් අනුමැතිය ලැබුණු ප්‍රමාණයට වඩා සහල් මෙට්‍රික් ටොන් 1 75 000ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පිටකොටුවේ වෙළදුන් සමඟ එක්වී මෙරටට ගෙන්වීමෙන් ස.තො. ස. පිරිසක් වාසී ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා දුෂණ කොමිසම පරීකෂණයක් ආරම්භ කර ඇත.
2014 ඔක්තෝබර් මාසයේ සිට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් සහල් හිඟයක් ඇති වු අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා ඉන්දියාව, පාකිස්තානය සහ බංගලිදේශය යන රටවලින් සහල් මෙට්‍රික් ටොන් 50 000ක් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කොට ඇතැත් ස.තෙ.ස. මඟින් සහල් මෙට්‍රික් ටොන් 2 25 000ක් ආනයනය කොට ඇතැයිද එම සහල් ප්‍රමාණය ආනයනය කොට ඇත්තේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව යැයිද කොමිසමෙන් සිදුකළ මුලික පරීකෂණ වලදී හෙළිවී ඇතැයි වාර්තා වේ.

