වසීම් තාජුඩීන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලයි


ගිය රජය කාලයේදී මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙසත් හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් වාසීන් තාජුඩීන්ගේ ඥාතීහූ පිරිසක් කොළඹ මහාධිකරණය ඉදිරිපිටදී අද (07) නිහඬ විරෝධතාවයක නිරත වූහ.

මෙම ඝාතන නඩුව මහාධිකරණයේ අංක 05 අධිකරණය විභාගයට ගැනිණි.

වසීම්ගේ සොහොයුරිය, ඥාතීන් ඇතුළු හිතවතුන් 50කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

15356878_1823579271218893_1252359755_n 15415917_1823579227885564_459108686_n