වසීම් තාජුඩීන් ලුහුබැන්ඳ අය ගැන වාර්තා කැඳවයි


(නිමන්ති රණසිංහ)

රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතනය වීමට පෙර ඔහු පසුපස ලූහුබඳින ලද පුද්ගලයින් පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරනු ලැබූ ප‍්‍රචාරයෙන් සහ මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූප කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛණ පරීක්ෂක වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

කොළඹ හැව්ලොක් ටවුන් සිට ඔහුගේ මෝටර් රථය ලූහුබැඳූ පුද්ගලයින් පිළිබඳව සමාන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ වාර්තා කැදවා ඇති බවත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නැති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් මෙහිදී රහස් පොලීසිය දැනුම් දුන්නේය .