වසාදැමුණු හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලය යළි විවෘත කරයි


(ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)
 
වසා දමා තිබූ හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ රාජකාරිය කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අද (19) යළි ආරම්භ කළ බව සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පවසයි.
 
හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා කොරෝනා ආසාදිතයෙකු බව ඉකුත් බ්‍රහස්පතින්දා(14) වාර්තා වීමෙන් පසුව එම කාර්යාලය වසා දැමිනි.
 
සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතාගේ පළමු පෙළආශ්‍රිතයන් වූ සභාවේ සේවකයන් 5දෙනෙකු මේ වන විට දින 14ක් දක්වා නිරෝධානය කර ඇතිබවයි.
 
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සියළුම කොටස් විසබීජහරණයට පියවර ගත් බවද සභාපති වරයා තවදුරටත් කීය.