වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අඹන්ගග රදවැල්ල ප්‍රදේශයේදී මහා පරිමාණ වැලි ජාවාරමක නිතර වී සිටි 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
වැලි පැටවු ට්‍රැක්ට්‍රර් 8 ක් හා ඩෝසරයක් සමග මොවුන් අත්අඩංගුවට ගනු ලැබුහ.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ සේවකයින් බව පවසමින් ප්‍රෙද්ශයේ ප්‍රාදේශිය දේශපාලනඥයින්ගේද සහය ඇතිව මෙය සිදු කර ගෙන ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී ඇත.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සේවකයකු කියා සිටියේ වැලි ගොඩ දමන ප්‍රදේශයට කිසිදු අයකුට යෑමට අවසර නෙදුන් බවත් ජාවාරම්කරුවන් රක්ෂිතයේ විදුලි වැටටද හානි සිදු කැර ඇති බවයි.

