රුපියල් එක් කෝටි දොලොස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් සහ නිම නොකල ස්වර්ණාභරණ හතක් නීති විරෝධී ලෙස ගුද මාර්ගවල සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිනි ශ‍්‍රී ලාංකික පිරිමින් දෙදෙනෙකු දෙදෙනෙක් සහ කාන්තාවක් කටුනායකදී ගුවන්යානයට ගොඩවීමට යත්ම අද අත්ඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54,55 සහ 38 වියේ පසුවන රෙදි පිළි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.
එක් අයෙකු රන් බිස්කට් දහය බැගින් පිරිමින් දෙදනා තම ගුද මාර්ගවල රන් බිස්කට් 20 ක් සගවාගෙන යාමට උත්සහ කර තිබූ බව රේගුව කියයි. ඉවතට ගත් රන් බිස්කට් වල බර කිලෝග‍්‍රෑම් දෙකකි.
රන් බිස්කට් 3 බැගින් කාබන් කොල වලින් ඔතා ඊට උඩින් පොලිතින් ආවරනයක් දමා තිබූ බව රේගුව කියයි. රන් බිස්කට් එකක බර ග‍්‍රෑම් සීයකි.
මොවුන් සමග සිටි කාන්තාව නිම නොකළ රන් වළලූ හයක් සහ මාලයක් පැළඳ සිටි බව රේගුව කියයි. එහි බර ග‍්‍රෑම් දෙසිය හැට හතකි.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ රන් කිලෝග්‍රෑම් එකක් මෙලෙස ප්‍රවාහනය කිරීම සදහා ඉන්දියන් රුපියල් දස දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගත් බවයි.
මේවා ඉවතට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙක් සැනෙකින් රන් බස්කට් ඉවතට ඇද දුක් බවත් අනිත් සැකකරුවා දැඩි වේදනාවකින් මහත් පරිශ්‍රමයක් දරා ඉවතට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂනයක් කිරීම සඳහා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් තිලක් පෙරේරා මහතාද අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබූ අතර ඔහු පැවසූවේ නුවන් අබේනායක, නිශාන්ත ජයසිංහ සහ හසන්ත ගුරුගේ යන සහකාර රේගු නිලධාරීන් තිදෙනා මාසයක පමණ කාලයක් විමර්ශනය කරමින් සිට මෙම මෙහෙයුම සිදු කළ බවයි.
එම අවස්ථාවේ අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එම රේගු නිලධාරීන්ව ඇගයීමටද ලක් කළේය.
ශරීර අභ්‍යන්තරරයේ සගවාගෙන ඉන්දියාවට රන් ප‍්‍රවාහනය කිරීමේ ජාවාරම් කරුවන් කොටුකරගැනීම සඳහා අදාල රේගු නිලධාරීන් තිදෙනා මාසයක් පමණ විමර්ශනය කරමින් සිටි බව ද ඔහු කීය.
සැප්තැම්බර් මාසයේ පමණක් මෙවන් වැටලීම් දා හතරක් කළ බවත් මෙම වසරේ ලොකුම වැටලීම මෙය බවත් ඔහු කීය.
සැකකරුවෝ නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව මෙතෙක් කරන ලද පරීක්ෂන වලින් අනාවරණය වී ඇත.
සැකකරුවෝ අද උදෑසන ජෙට් ගුවන්සේවයට අයත් ඩබ්ලිව් 252 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තිලක් පෙරේරා මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන කේ.ඒ ධර්මසේන, ස්ටැන්ලි සේනාරත්න සහ දීපාල් සිරිබද්දන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, නිශාන්ත ජයසිංහ සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදු කරති.

