ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
2015 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් සම්මාන පිරිනැමුණු අතර එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ජනතා සම්මානයට පාත්‍ර වූයේ තිලකරත්න ඩිල්ෂාන්ය.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් ඩයලොග් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර වසරේ එක්දින හා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද ඇන්ජලෝ මැතිව්ස්ට සම්මාන හිමිවිය.
2015 වසරේ එක්දින පිතිකරු ලෙස කුමාර් සංගක්කාර ද ටෙස්ට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් ද සම්මානයට පාත්‍ර විය. වසරේ එක්දින පන්දු යවන්නා සම්මානය ලසිත් මාලිංගට හිමිවන විට ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවූයේ රංගන හේරත්ටය.
වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය කුසල් මෙන්ඩිස් හිමිකර ගත්තේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ