දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට ආර්ථිකය වෙනුවෙන් මේවන විටි විශාල කාර්ය භාර්යයක් සිදුකරන බව කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් බිලියන 7ක් (රුපියල් බිලියන 1011) පමණ ආදායමක් උපයා දෙන බවත්, දැනට 30,000ක් පමණ ශ්‍රී ලාංකිකයින් එරට සේවය කරන බවත් ශ්‍රී ලංකා තානාපතිනිය සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය ආයතනයක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.
එසේම කොරියාවේ ඇති මෙරට තානාපති කාර්යාලය මගින් නිතරම ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන් සොයා බලන බවත්, මෙරට තානාපති කාර්යාලයය කොරියාව පුරා සංචාරය කරන බවත් ඒ මහත්මිය විසින් එහිදී පෙන්වා දී තිබේ.
කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සකාච්ඡා පවත්වන බවද ඇය කියන්නීය.

