වසරකට පෙර මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූ ජනතාවට ලබන ජනවාරි මස වන විට නිවාස 75 ක වැඩ නිම කර ලබා දෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඒ වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් මේවන විට එහි දිසාපතිට ලබාදී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ සඳහා සියලු විධිවිධාන සලසන ලද්දේ දැනට සති දෙකකට පමණ ඉහතදී බවත්, ප්‍රමාදයක් සිදුව ඇති බව පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ඒ පිළිබඳ යමක් නොකියන බවට හා වැඩකටයුතු සිදුනොවන බවට චෝදනා එල්ලවූ බැවින් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කියා සිටින්නට සිදුවූ බවත් හෙතෙම අවධාරණය කළේය.

